අයිතිකරුවෙකු නැති
අතරමැදියෙකුගෙන් අලෙවි වන
කල් ඉකුත්වීම අපැහැදිලි
භාවිතය ට ගත්
තවමත් භාවිතයට ගන්නා
වටිනාකමත් ස්ථීර නැති
අජීවි නොවන
පාරිභෝගික
වස්තුවකි....
Showing posts with label නිසදැස්. Show all posts
Showing posts with label නිසදැස්. Show all posts
Tuesday, October 27, 2015
Monday, October 26, 2015
"ආත්ම විශ්වාසය"
ජීවත් වෙන්නටත්
මියැදෙන්නටත්
ඉවහල් වන්නකි
මා හට
මා පිළිබඳ
ඔබ හට
ඔබ පිළිබඳ
තිබෙන්නා වූ
"ආත්ම විශ්වාසය"
මියැදෙන්නටත්
ඉවහල් වන්නකි
මා හට
මා පිළිබඳ
ඔබ හට
ඔබ පිළිබඳ
තිබෙන්නා වූ
"ආත්ම විශ්වාසය"
Monday, October 19, 2015
පැටලිලා
අප්සරාවියක්
පැටලිලා
හැඟුමන් දැලක
මිදෙන්නට
බැරිකමට
නඟනවා
සෝ තැවුල්
හදවතින්
අකීකරු
ස්වරයකින්
කරමින්
ඇරයුමක්
රහසිගත...
පැටලිලා
හැඟුමන් දැලක
මිදෙන්නට
බැරිකමට
නඟනවා
සෝ තැවුල්
හදවතින්
අකීකරු
ස්වරයකින්
කරමින්
ඇරයුමක්
රහසිගත...
Thursday, October 15, 2015
නිදි නැති රැයක
නිදි නැති රැයක
තනිවම ඉකිබිදින
පහන් තරුව
නුඹ...
සීතල සුළගින්
මා සිත සනසන
සුසුම් පවන
නුඹ....
අඩවන් දෑසින්
ආලය පවසන
පතිවතියයි
නුඹ....
නොකියා හෙමිහිට
පැන යන්නට ගිය
මුවැත්තියයි
නුඹ....
තනිවම ඉකිබිදින
පහන් තරුව
නුඹ...
සීතල සුළගින්
මා සිත සනසන
සුසුම් පවන
නුඹ....
අඩවන් දෑසින්
ආලය පවසන
පතිවතියයි
නුඹ....
නොකියා හෙමිහිට
පැන යන්නට ගිය
මුවැත්තියයි
නුඹ....
Monday, October 12, 2015
කෑල්ලක්
"පට්ට කෑල්ලක් නම්
ඉන්නවා මචං...
ෆේක් එකක්දෝ කියලත්
සැකයි මචං...
ඔන්න ඔහේ ට්‍රයි කරලම
බලමු මචං...
හායි කියලා මං එහෙනම්
කෙටුවා මචං.."
එන්නේ සමහරු
ෆේස් බුකියේ ලගින්නට..
තියෙන සායමත්
දියකරගෙන යන්ට...
නොදනී මෙහි අගය
නිසිපරිදි ව ගන්ට..
දන්නා එකා යන්නෑ
කුණු ගාගන්ට....
කොම්පියුටරය වෙත
ඇස් ගෙඩි දෙක රන්දා...
ලොක් වෙනතුරු ඇගිලි
දවසෙම චැට් හන්දා...
වැඩකට ඇති දෙයක්
කෙරුවාදෝ මන්දා...
මොළගෙඩි වලට
හෙණ ගැහිලාදෝ මන්දා.....
ඉන්නවා මචං...
ෆේක් එකක්දෝ කියලත්
සැකයි මචං...
ඔන්න ඔහේ ට්‍රයි කරලම
බලමු මචං...
හායි කියලා මං එහෙනම්
කෙටුවා මචං.."
එන්නේ සමහරු
ෆේස් බුකියේ ලගින්නට..
තියෙන සායමත්
දියකරගෙන යන්ට...
නොදනී මෙහි අගය
නිසිපරිදි ව ගන්ට..
දන්නා එකා යන්නෑ
කුණු ගාගන්ට....
කොම්පියුටරය වෙත
ඇස් ගෙඩි දෙක රන්දා...
ලොක් වෙනතුරු ඇගිලි
දවසෙම චැට් හන්දා...
වැඩකට ඇති දෙයක්
කෙරුවාදෝ මන්දා...
මොළගෙඩි වලට
හෙණ ගැහිලාදෝ මන්දා.....
Saturday, October 10, 2015
දුයිෂෙන්
දුයිෂෙන්,
මට ඔබ වන්
ශ්‍රේෂ්ඨ
ගුරුවරයෙකු වීමට
නොහැක....
නමුදු,
ඔබට
සදා පෙම් බැඳි
අල්තීනායි
වන බව නම්
පැහැදිලි ය....
පොප්ලර්
ගස් යුගල මෙන්
සදා නොමැකෙන
මතකයක්
වනු නිසැකය...
මට ඔබ වන්
ශ්‍රේෂ්ඨ
ගුරුවරයෙකු වීමට
නොහැක....
නමුදු,
ඔබට
සදා පෙම් බැඳි
අල්තීනායි
වන බව නම්
පැහැදිලි ය....
පොප්ලර්
ගස් යුගල මෙන්
සදා නොමැකෙන
මතකයක්
වනු නිසැකය...
Friday, October 9, 2015
කදුළු කැට
රැයේ නොනිදන
පහන් තරුවකි
සදක් වන්
කළු ආකහේ...
දිදුලනා නෙතු
පැහැය විහිදෙයි
පුරා වත
තුන්තිස් පැයේ...
කදුළු කැට
මිණිකිරුළු පලදියි
සෙනෙහසේ
නාමෙන් නුඹේ....
අතැර නොයනෙමි
මෑණියේ මා,
දඩබ්බර
නුඹේ පුතනුවන්....
පහන් තරුවකි
සදක් වන්
කළු ආකහේ...
දිදුලනා නෙතු
පැහැය විහිදෙයි
පුරා වත
තුන්තිස් පැයේ...
කදුළු කැට
මිණිකිරුළු පලදියි
සෙනෙහසේ
නාමෙන් නුඹේ....
අතැර නොයනෙමි
මෑණියේ මා,
දඩබ්බර
නුඹේ පුතනුවන්....
Thursday, October 8, 2015
බලා හිඳියි සඳකැන්
සඳත්
අඩදබර වී
අහසත් එක්කලා
අමනාපෙන්
තරු
නිහඬ ව
බලා හිඳියි
සඳකැන්
විහිදෙනා තුරු....
අඩදබර වී
අහසත් එක්කලා
අමනාපෙන්
තරු
නිහඬ ව
බලා හිඳියි
සඳකැන්
විහිදෙනා තුරු....
Wednesday, October 7, 2015
විදිනට ඒ සුවද.....
රූස්ස ගහක
පිපිලා සුවද පුංචි මලක්
දගකාරයි හරිම
අවිහිංසක දෑස
කෙළිලොල් බැල්මෙන්
කළඹවයි සිත් අරණ
අපහසු නමුදු
නෙළාගන්නට එමල
කරයි ආරාධනා
විදිනට ඒ සුවද.....
පිපිලා සුවද පුංචි මලක්
දගකාරයි හරිම
අවිහිංසක දෑස
කෙළිලොල් බැල්මෙන්
කළඹවයි සිත් අරණ
අපහසු නමුදු
නෙළාගන්නට එමල
කරයි ආරාධනා
විදිනට ඒ සුවද.....
Sunday, October 4, 2015
දෙබරෙක්.....
ගනියි
විසිතුරු මලක රොන්
විසකුරු තුඩකින්
බල ලෝභි බඹරෙක් ...
පහව දමව්
ඌ...
බඹරෙකු නොව
දෙපා ඇති
දෙබරෙක්.....
විසිතුරු මලක රොන්
විසකුරු තුඩකින්
බල ලෝභි බඹරෙක් ...
පහව දමව්
ඌ...
බඹරෙකු නොව
දෙපා ඇති
දෙබරෙක්.....
Thursday, October 1, 2015
කළු කඩ
කළු කඩ මුදලාලියෙක්
රිංගලා ඕං මෙහෙටත්
අද හෙට විකුණයි
දූපතම
පවුල ගොඩගන්නට
ලැම්බෝගිනියක් වත් එපැයැ
පොඩි එකා සනසන්ට...
ඌ නොවැ
මීළගට
මහ එකා වන්නේ මෙහේ...
දැම්ම ම දැගලිල්ල
බලකායකුත් හදාගෙන
මගේ ම එකා නොවැ
ඉතින්
අප්පච්චිත් ඔය කියන්නෙ,
අඹ යහළුවත්
දැන් ඉතින්
ඉන්නව නොවැ
ආයිමත්....
දැන් ඉතින් මදෑ ඔය,
හතිවැටෙනවා නොවැ
අද හෙටම...........
රිංගලා ඕං මෙහෙටත්
අද හෙට විකුණයි
දූපතම
පවුල ගොඩගන්නට
ලැම්බෝගිනියක් වත් එපැයැ
පොඩි එකා සනසන්ට...
ඌ නොවැ
මීළගට
මහ එකා වන්නේ මෙහේ...
දැම්ම ම දැගලිල්ල
බලකායකුත් හදාගෙන
මගේ ම එකා නොවැ
ඉතින්
අප්පච්චිත් ඔය කියන්නෙ,
අඹ යහළුවත්
දැන් ඉතින්
ඉන්නව නොවැ
ආයිමත්....
දැන් ඉතින් මදෑ ඔය,
හතිවැටෙනවා නොවැ
අද හෙටම...........
Wednesday, September 30, 2015
සඳකැන්
උමතු වූ සෙනෙහසින් පිරි හදවත........................මවගේ
සිරුරේ දුවන ලේ කිරි වූවා................................ඇයගේ
දස මාසයක් දැරුවා මා කුසෙහි..........................ඇගේ
දහ දුක් වින්දා මව මතකයි සිතට.......................මගේ
පිළිසිඳ ගත්ත මා කුසයෙහි...........................දරාගෙන
දස මාසයක් සිටියේ දුක්................................දරාගෙන
බිහිකළ පසු ද මා ඇකයෙහි...................හොවාගෙන
නැළ වූ සැටි ද මතකයි කවි.....................කියාගෙන
දොයි දොයි කිය කියා මා නැළවූ..................අම්මේ
නැළවිලි ගී ගයා මා සැනසූ..........................අම්මේ
කුසගිනි දරා මා කුස පිරවූ............................අම්මේ
සදා ණයගැතියි මා ආදර..............................අම්මේ
ඉසිලිය නොහැකි දුක් ඉවසුවා මේ....................භවයේ
දෙවන බුදුන් කීවට පව් නෑ.......................මෙලොවේ
සිත තුළ රජව ඇති ඔබගේ දයා....................ගුණේ
සමකළ හැකි වේද කවුරුන් හට.............මෙලොවේ
ගඟුලක් විලස ඇදුනා ආදරය......................ගලා
පවනක් විලස එතුනා මුළු ගතම................වෙළා
සඳකැන් විලස ආලෝකය......................පතුරාලා
සිහිපත් වෙනවා ඒ සෙනෙහස හද...........සසලා
සිරුරේ දුවන ලේ කිරි වූවා................................ඇයගේ
දස මාසයක් දැරුවා මා කුසෙහි..........................ඇගේ
දහ දුක් වින්දා මව මතකයි සිතට.......................මගේ
පිළිසිඳ ගත්ත මා කුසයෙහි...........................දරාගෙන
දස මාසයක් සිටියේ දුක්................................දරාගෙන
බිහිකළ පසු ද මා ඇකයෙහි...................හොවාගෙන
නැළ වූ සැටි ද මතකයි කවි.....................කියාගෙන
දොයි දොයි කිය කියා මා නැළවූ..................අම්මේ
නැළවිලි ගී ගයා මා සැනසූ..........................අම්මේ
කුසගිනි දරා මා කුස පිරවූ............................අම්මේ
සදා ණයගැතියි මා ආදර..............................අම්මේ
ඉසිලිය නොහැකි දුක් ඉවසුවා මේ....................භවයේ
දෙවන බුදුන් කීවට පව් නෑ.......................මෙලොවේ
සිත තුළ රජව ඇති ඔබගේ දයා....................ගුණේ
සමකළ හැකි වේද කවුරුන් හට.............මෙලොවේ
ගඟුලක් විලස ඇදුනා ආදරය......................ගලා
පවනක් විලස එතුනා මුළු ගතම................වෙළා
සඳකැන් විලස ආලෝකය......................පතුරාලා
සිහිපත් වෙනවා ඒ සෙනෙහස හද...........සසලා
Tuesday, September 29, 2015
මල්මාලතියේ
මල්මාලතියේ අවාරේ පිපුණු
පමා වුනමුදු නුඹ
නොවෙයි සම මල්වල ට සෙසු
සුපුෂ්පිතයි ඒ තරම් නුඹ....
මල්වනේ හද අරණ
පසාරු කරගෙන හමන
කුළුදුල් සුවඳ ට නුඹේ
ජෙලස්, නියඟලා මලට....
දෙවැනිය රැජිනි ද රෝස
පැහැය ට නුඹේ සුසිනිඳු
පැහැරගෙන නෙත් මගේ
ඒ සුන්දර පැහැය....
රැඟුවත් වෛවර්ණ මල්
පාමින් කොතෙක් විජ්ජා
නැත මට විචිකිච්ඡා
නුඹමයි නෙළන්නේ මා....
නොසිතනු මැන චකිත
සරසනු පිණිස මා
ඇත්තේ අවසර හදින්
නුඹ ට පමණයි නිමල.....
පැමිණි ද බඹරුන් මෙතෙක්
ගෙනයන්ට නුඹේ රොන්
අවසර නෑ උන්ට
නොඉඳුල් මලකි නුඹ....
පරනොවන ලෙස හෙටත්
පිපෙන්න ට මතුභවෙත්
අවසරයි මේ පටන්
නුඹට මගේ හදකමල.....!
පමා වුනමුදු නුඹ
නොවෙයි සම මල්වල ට සෙසු
සුපුෂ්පිතයි ඒ තරම් නුඹ....
මල්වනේ හද අරණ
පසාරු කරගෙන හමන
කුළුදුල් සුවඳ ට නුඹේ
ජෙලස්, නියඟලා මලට....
දෙවැනිය රැජිනි ද රෝස
පැහැය ට නුඹේ සුසිනිඳු
පැහැරගෙන නෙත් මගේ
ඒ සුන්දර පැහැය....
රැඟුවත් වෛවර්ණ මල්
පාමින් කොතෙක් විජ්ජා
නැත මට විචිකිච්ඡා
නුඹමයි නෙළන්නේ මා....
නොසිතනු මැන චකිත
සරසනු පිණිස මා
ඇත්තේ අවසර හදින්
නුඹ ට පමණයි නිමල.....
පැමිණි ද බඹරුන් මෙතෙක්
ගෙනයන්ට නුඹේ රොන්
අවසර නෑ උන්ට
නොඉඳුල් මලකි නුඹ....
පරනොවන ලෙස හෙටත්
පිපෙන්න ට මතුභවෙත්
අවසරයි මේ පටන්
නුඹට මගේ හදකමල.....!
Sunday, September 27, 2015
රූස්ස ගහක
රූස්ස ගහක
පිපිලා සුවද පුංචි මලක්
දගකාරයි හරිම
අවිහිංසක දෑස
කෙළිලොල් බැල්මෙන්
කළඹවයි සිත් අරණ
අපහසු නමුදු
නෙළාගන්නට එමල
කරයි ආරාධනා
විදිනට ඒ සුවද.....
පිපිලා සුවද පුංචි මලක්
දගකාරයි හරිම
අවිහිංසක දෑස
කෙළිලොල් බැල්මෙන්
කළඹවයි සිත් අරණ
අපහසු නමුදු
නෙළාගන්නට එමල
කරයි ආරාධනා
විදිනට ඒ සුවද.....
Friday, September 25, 2015
ප්‍රේමයේ නාමයෙන්
අසම්මත පෙම් කවක්
මුමුණාවි නුඹ නමින්
නාදුනන පදවැලක්
ලැගුම් ගෙන ඒ හදින්....
පවන් වැල් හෙමි හෙමින්
කොඳුරාවි මතකයන්
සිතුම් රැල් විඳවමින්
විමසාවි නුඹ මගෙන්
සෝ තැවුල් නංවමින්....
වියෝ ගී නාදයෙන්
සවන් පෙති පුරවමින්
දැහැන් ගත වී හොරෙන්
ප්‍රේමයේ නාමයෙන්
උමතු ගී රාවයෙන්......
මුමුණාවි නුඹ නමින්
නාදුනන පදවැලක්
ලැගුම් ගෙන ඒ හදින්....
පවන් වැල් හෙමි හෙමින්
කොඳුරාවි මතකයන්
සිතුම් රැල් විඳවමින්
විමසාවි නුඹ මගෙන්
සෝ තැවුල් නංවමින්....
වියෝ ගී නාදයෙන්
සවන් පෙති පුරවමින්
දැහැන් ගත වී හොරෙන්
ප්‍රේමයේ නාමයෙන්
උමතු ගී රාවයෙන්......
Monday, September 21, 2015
- මුහුණ එක්ක තරහවෙලා -
ඇස් රතු කරගෙන
කඳුළුත් එක්කලා
වාද කර කර
මුවත් ගොළුයි
ඉකිබිඳුම් ඇසෙයි
හදවත ඉරාගෙන එන
මෙන්න මේ හටන
මූණත් එක්ක ම තරහවෙලා...
කඳුළුත් එක්කලා
වාද කර කර
මුවත් ගොළුයි
ඉකිබිඳුම් ඇසෙයි
හදවත ඉරාගෙන එන
මෙන්න මේ හටන
මූණත් එක්ක ම තරහවෙලා...
Subscribe to:
Posts (Atom)